මුස්ලිම් ඒජන්සිකරු ගෘහ සේවිකාවකට පයින් ගසයි..
සෞදි අරාබියේ දමාම්හි පිහිටි ප්‍රශ්න වලට මැදිවූ ගෘහ සේවිකාවන් රඳවා තබන ස්ථානයක සිදුවූ හිංසාකාරී ක්‍රියාවක් මීට මාස තුනකට පෙර මොබයිල් ෆෝනයකින් වීඩියෝගත කරන්නට ලංකාවේ තරුණයෙකුට හැකි වුණා. පසුගියදා දිවයිනට පැමිණි ඔහුද මාස ගණනාවක් සවුදියේ දුක් විඳ හිස් අතින්ම මෙරටට ආ අයෙකි.ඔහු රැගෙන ආ වීඩියෝ සාක්ෂිය සිරස නාලිකාවටලබාදී තිබුනේ ලංකාවේ ගෘහසේවිකාවන්ට සිදුවන මෙවැනි හිරිහැර වළක්වාගැනීමට පියවර ගන්නැයි ඉල්ලමිනි.

මෙම දර්ශන ඊයේ සෙනසුරාදා සිරසේ යද්දී අමාත්‍ය ඩිලාන් පෙරේරා එය නරඹා අදාල සිද්ධියෙන් තමා කම්පා වූ බවත්, පැය 48ක් ඇතුළත මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අදාළ පුද්ගලයන්ට දඩුවම් කරන බවත් පැවසූ බවද වාර්තා වුණා