මුලතිව්හි පිපිරීමකින් හමුදාවේ 6කට තුවාලයි


මුලතිව් උදයාර්කට්ටුකුලම් සහ මුතියන්කට්ටුකුලම් අතර වනාන්තර ප‍්‍රදේශයක කඳවුරක සිදුවූ පිපිරීමකින් යුද හමුදාවේ 6 දෙනෙකු තුවාල ලබා ඇත. ත‍්‍රිවිධ හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසු අන්දමට ඉදිකිරීම් කටයුත්තක් සඳහා පොළොව හාරමින් සිටියදී කළින් වළදමා තිබුණු බෝම්බයක් උදැල්ලක ගැටීමෙන් අද දහවල් එම පිපිරීම සිදුව ඇත. තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයන් මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති අතර ඇසකට සිදුවූ බරපතළ තුවාලයක් නිසා ඔවුන්ගෙන් එක් අයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත. තවද එම පිපිරීම සිදුවූ ප‍්‍රදේශයේ මීට කළින් පිහිටුවා තිබුණේ එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් බව ද  ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා ප‍්‍රකාශ කළේය.