වැට් මුදල් වංචා කළ
හිටපු ආදායම් බදු ලොක්කාට
වසර 102 ක සිර දඩුවමක්
රු. බිලියන 11.97 ක දඩයක්

2011 වසරේ ආදායම් බදු දෙපාර්තමේන්තුව තුළ සිදුවූ මහා පරිමාණ වැට් මුදල් වංචාවේ සැකකාර හිටපු ආදායම් බදු නියෝජ්‍ය කොමසාරිස් ජී.එස්. ජයතිලක මහතා එම චොදනාවට වැරදිකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණය ඔහුට අවුරුදු 102 ක අත්හිටවූ සිර දඞුවමක් නියම කළ අතර, එය වසර 3 කින් ගෙවී යන සේ නයම විය. එයට අමතරව රුපියල් බිලියන 11.97 ක දඩයක් ද නියම කළේය.


ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සිදුවූ විශාලතම මුදල් වංචාව ලෙස ගැනෙන මෙම සොරකමේ දී සැකරුවන් විසින් රුපියල් මිලියන 357 ක් ව්‍යාජ තොරතුරු හා ලිපි ලේඛණ යොදා වංචා කර තිබින. අද දුන් දඞුවම ශ්‍රී ලංකා අධිකරන ඉතිහාසයේ විශාලතම දඩය ලෙස හැදින්විය හැක.
මැලේසියානු ගුවන් යානය ගැන අළුත්ම තොරතුරක්..
අතුරුදහන් වූවාට පසු තවත් පැය 4 ක් පියාසර කරලා.

 අතුරුදහන් වූ මැලේසියානු ගුවන්යානය පණිවුඩ හුවමාරුව නැවතුනාට පසුව තවත් පැය 4 ක් පමණ එහි එන්ජින් ධාවනයේ යෙදී ඇතැයි දැක්වෙන වාර්තාවක් ඇමරිකානු පරීක්ෂකයන් ගේ මතයක් ලෙස වෝල් ස්ට්‍රීට් පුවත් පතෙහි පළකොට ඇතැයි රොයිටර් වාර්තා කරයි. එම වාර්තාව අනුව කිසිවෙකු විසින් සියළු පණිවුඩ හුවමාරු ක්‍රියා විරහිත කිරීමකින් පසුව යානය නොදන්නා ඉසව්වක් කරා තවත් කි.මී. 3500 ක් (සැ. 2200 ) ධාවනය වී ඇතැයි පැවසේ.


ඇමරිකානු පර්යේශකයන් සැක කරන අන්දමට යානය පකිස්ථානු දේශසීමාවට හෝ ඉන්දියානු සාගර කලාපය හෝ අරාබි සාගර කලාපයේ නොදන්නා ඉසව්වකට ධාවනය වී ඇත. ගුවන්ගමන් විශ්ලේෂකයන් හා පරීක්ෂනයන් විශ්වාස කරන අන්දමට අතුරුදහන් වූ යානයේ සවිකර තිබූ රෝල්ස් රොයිස් එන්ජින් දෙක, තමා ධාවනයේ යෙදෙන සම්පූර්ණ කාලයේ ම යානය පවතින් උස හා යානය ගමන් ගන්නා වේගය පිළිබදව ස්වයංක්‍රීය පණිවුඩ එම සමාගමේ දත්ත උපකරණ වෙත එවනු ලබයි.

විස්තර උපුටා ගත්තේ  http://www.jpost.com/International/Report-Investigators-suspect-missing-Malaysian-plane-flew-for-hours-after-last-sighting-345226

Investigators believe aircraft flew for a total of 5 hours based on data sent to ground from plane's engines.

US investigators suspect that Malaysia Airlines Flight 370 stayed in the air for about four hours past the time it reached its last confirmed location, the Wall Street Journal reported, citing two people familiar with the details.
The report comes as authorities remain uncertain about which ocean to search for the jetliner that went missing on Saturday after taking off from Kuala Lumpur. The latest disclosure led US investigators to explore the possibility that someone deliberately turned off the transponder and diverted the plane to another location, the newspaper reported.
It raises the possibility that the plane, and the 239 people on board, could have flown on for additional distance of about 2,200 miles (3,500 km), potentially reaching the border of Pakistan or as far as destinations in the Indian Ocean or Arabian Sea, the paper said.
The last definitive sighting of the aircraft on civilian radar screens came shortly before 1:30 a.m. on Saturday, less than an hour after taking off from Kuala Lumpur, as it flew northeast across the mouth of the Gulf of Thailand bound for Beijing.
Aviation investigators and national security officials believe the plane flew for a total of five hours based on data automatically downloaded and sent to the ground from the Boeing Co 777's engines as part of a standard monitoring program, the Journal said.
One person told the paper that, as part of a maintenance agreement, the Malaysia Airlines plane was able to transmit engine data live to Rolls-Royce for analysis. The system sends data from the Boeing 777's two Trent 800 engines, giving details such as altitude and speed of the jet.
19 හැවිරිදි තව තරුණියක් ෆේස්බුක් පෙම නිසා එල්ලී මියයයි.
ෆේස්බුක් එකට දමා තිබුනේ වෙනත් ලස්සන මුහුණක්. පෙම්වතා ගෙදර ආවිට ඇත්ත මූණ එළිවන නිසා එල්ලිලා මැරිලා.
ෆේස්බුක් පේ‍්‍රම සබඳතාවක් මුල්කරගනිමින් ඇල්පිටිය - පිටිගල - පොකුණුවලකඩ - පැලවත්ත පාර ප‍්‍රදේශයේ තරුණියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගැනීමේ සිද්ධියක් අද (19) වාර්තා වුණා.  19 හැවිරිදි දිනුෂිකා තිලක්ෂි නැමති මෙම තරුණිය සිය නිවසේදී සාරියකින් ගෙළ වැළලා ගැනිමට පෙර ලියා තැබූ ලිිපියක්ද පොලීසියට හමුවී තිබෙනවා. දිවි නසාගන්නා අවස්ථාවේදී තරුණියගේ නිවසේ ඇය හැර වෙනත් කිසිවෙක් සිට නැහැ. ඇගේ මව රැකියාවට ගොස් සිටි අතර වැඩිමහල් සහෝදරිය සහ බාල සහෝදරියද නිවසින් පිටව ගොස් සිටියා. 

මීට මාස 6 කට පෙර සිට මෙම තරුණිය ජාඇල ප‍්‍රදේශයේ තරුණයෙකු සමග ෆේස්බුක් හරහා පේ‍්‍රම සබඳතාවක් ගොඩ නගාගෙන ඇති බවයි පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ. පසුව දුරකථනය ඔස්සේද මෙම සබඳතාව පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා. කෙසේ වෙතත් ඇය ෆේස් බුක් සමාජ වෙබ් අඩවියට යොදා ඇත්තේ ඇගේ ඡයාරූපය නොව වෙනත් සුරූපී කාන්තාවකගේ ඡායාරූපයක්. 

කෙසේ වෙතත් අනාවරණය වී ඇති පරිදි ඊයේ දිනයේදී එම තරුණයා, ඔහුගේ පවුලේ කිහිපදෙනෙකුද සමග තරුණියගේ නිවසට පැමිණ ඇත්තේ එසේ නොපැමිණෙන ලෙස ඇය කළ දැනුම්දීමද නොසලකමින්. එහිදී තරුණයාට මුහුණ දීමට නොහැකිව කනස්සල්ලට පත් ඇය ඒ හේතුව මත දිවි නසාගන්නට ඇතැයි පොලීසිය පවසනවා.
දිවිනසාගත් සිසුවියට බැණ වැදුනු විදුහල්පති අත්අඩංගුවට....


ෆේස්බුක් වෙබ් අඩවියේ පළ වූ ඡායාරූපයක් මුල් කර ගත් සිදු වීමක් මත පසුගිය දා සිය දිවි නසා ගත් සිසුවිය අධ්‍යාපනය ලැබූ කුරුණෑගල  ජෝන් කොතලාවල  විද්‍යාලයේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ළමා රක්ෂක අධිකා‍රියේ පොලිස් ඒකකය විසින් අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබ ඇත. අදාළ සිදුවීම මුල් කර ගනිමින් විදුහල්පතිවරයා තමන්ට දෝෂාරෝපණය කළ බව ත් ඒ හේතුවෙන් තමන් දිවි නසා ගන්නා බව ත් අදාළ සිසුවිය ලිපියකින් ලියා තබා තිබිණ.

ජෝතිගේ මුල්ම ගීතය සිරියාමෙ සාරා නෙවෙයි....

දකුණු පළාතේ මධ්‍යම පාන්තික පවුලක වැඩුමහල් දරුවා ලෙස 1936 පෙබරවාරි 12 වෙනිදා උපත ලද හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල ශ්‍රී ලංකාවේ සදාකාලික ජනප්‍රිය ගායකයා බවට පත් වේයැයි කිසිවෙකු නොසිතන්නට ඇත. කොළඹ, මරදානේ සෙන්ට් ලෝරන්ස් පාසැලට ඇතුළු වූ ජෝතිපාල දෙමටගොඩ ශාන්ත ජෝන් පාසැලෙන් ද අධ්‍යාපනය ලැබීය. ගෙදර සිට ගීත අසන්නට රේඩියෝවක් නොතිබුනු නිසා, අසළ තිබූ තේ කඩයකට ගොස් සිංදු අසන්නට ජෝති පුරුදු වී සිටියේය. පසුකලෙක ලාංකික ජන හදවත් තුළ සදා ලැගුම් ගත් ජෝතිගේ මුලකුරු එච්. ආර් යන්න “ හදවත රත්තරන් “ ලෙස වෙනස් වී හදවත රත්තරන් ජෝති බවට පත්වූ මේ අසහාය ගායකයාගේ ගායන ප්‍රවිශ්ඨය ද විශ්මිතය.


ජෝතිගේ මුල් ගීතය මෙතනින් අහන්න.... අද බොහෝ දෙනා හදුන්වන්නේ ජෝති ගේ පළමු ගීතය සිරිල් පී අබේරත්න අධ්‍යක්ෂණය කළ සුරතලී චිත්‍රපටයේ “ සිරියාමෙ සාරා.. “ ලෙසය. එහෙත් එය ඔහුගේ ප්‍රථම ගීය නොවේ.  පටිගත කළද, කිසිදින ජෝතිපාලයන් හෝ නොඇසූ , අදුරේම මැකී ගිය ඔහුගේ මුල්ම පටිගත කිරීම වූයේ 1955 දී සිරිසේන විමලවීරයන්ගේ “පොඩිපුතා“ චිත්‍රපටයට ගැයූ ගීයකි. එම ගීතය පටිගත කොට දර්ශන පෙළ ද රූපගත කොට හමාර කළද, චිත්‍රපයට මුලින්ම ප්‍රදර්ශනය කළ දා යහළුවන් පිරිසක් සමග සිනමා හලට ගිය ජෝතිපාලට එම ගීතය අසන්නට ලැබුනේ නැත. එයට හේතුව වූයේ පොඩිපුතා චිත්‍රපටයේ ඉන්දියානු සංගීත අධ්‍යක්ෂ වරයා ජෝතිගේ කඩහඞ චිත්‍රපටයට නොගැලපේයැයි ගීතය අඩංගු දර්ශනය ම ඉන්දියාවේ දී කපා විසි කර දැමීමයි.

ජෝති සිනමා හළෙන් එළියට බැස්සේ යහළුවන්ගේ උසුළු විසුළු මැද්දේය. ‘ කෝ බං උමේ මහ ලොකු සිංදුව..“  යැයි ඔහුට උපහාස කෙරින. වේදනාවෙන් ජෝතිගේ දෙනෙත් කධුලින් තෙමී ගියත් ඔහුගේ ගීත ගැයීමේ ආසාව නිමා වූයේ නැත. මේ අතර සිලෝන් එන්ටර්ටේන්මන්ට් සිනමා සමාගමේ හිමිකරු වූ ජබීර් ඒ කාදර් මහතා අළුත් චිත්‍රපටයක් හදන්නට යනවා යැයි ආරංචිය ජෝති ට ලැබින. මිතුරෙකුගේ මාර්ගයෙන් කාදර් මහතා හමුවන්නට ගිය ජෝති තම ආසාව ඔහුට කියා සිටියේය. “ ඉතිං ළමයා... ඔය ළමයට සිංදු කියන්න පුළුවන් ද කියලා මම දන්නෙ නෑනෙ.. කෝකටත් සිංදුවක් රෙකෝඩ් කරලා අරගෙන එන්නකො..‘‘  කියා ඔහු ජෝතිට කියද්දී ජෝතිගේ දෑස් සතුටින් උතුරා ගියේය. ඒත් සිංදුවක් රෙකෝඩ් කර ගන්නෙ කොහොමදැයි යළි ගැටළුවකි.

ජෝතිගේ මිතුරා ඔහුව ඊළගට රැගෙන යන්නෙ එවකට ප්‍රධාන පෙළේ සංගීත අධ්‍යක්ෂ වරයෙකු වූ ස්ටැන්ලි ඔමාර් හමුවන්නටය. ජෝතිගේ දුක ස්ටැන්ලි ඔමාර් මාස්ටර් අසා සිටියේය. “ හ්ම්..... ඔය ළමයට සිංදුවක් මං හදලා දෙන්නම්... හැබැයි..... වැඩේට රුපියල් 35 ක් විතර යනවා.. “ ඒ මාස්ටර්ගේ හඞයි. ( ඒ කාලයේ රු. 35 විශාල වටිනාකමකි) . “ අනේ මාස්ටර්... මං ළග කීයක්වත් නෑනෙ...“  ජෝතිපාල පිංසෙන්ඩු වන විට  “ හරි....හරි... මගෙ ගානෙ මං ඔය ළමයට සිංදුවක් හදලා දෙන්නංකො..“ කියා මාස්ටර්ගේ මුවින් පිටවත්ම ජෝතිට සතුට ඉහවහ යන්නට ඇත. දින සති ඉක්ම යද්දී  ස්ටැන්ලි ඔමාර් මාස්ටර් හදා දුන් ගීය ජෝතිගේ හඞින් තැටිගත වී කලු පැහැ ගී තැටියක් ජෝති අතට ලැබෙයි.

තැටියද රැගෙන මිතුරා සමග ජබීර් ඒ කාදර් මහතා හමුවන්නට ගිය ජෝති ද සමගින් තමන්ගේ කාර්යාලය පිහිටි ලිබර්ටි සිනමා හළේ බැල්කනියට ගොඩ වූ කාදර් මහතා තැටිය ප්‍රොජෙක්ටර් ක්‍රියාකරුට දුන්නේ “ ළමයා...... මේ රෙකෝඩ් එක ගහන්න.. අපිට අහන්න.... “ කියමිනි. සැනෙකින් ගීතයක් ඇසෙන්නට පටන් ගනී. පසුකළෙක ශ්‍රී ලංකාවට නැතිවම බැරි වූ ඒ අමරණීය ජෝති ජීවිතයේ මුල් වරට තමන්ගේම හඞ ඇසූ මොහොත එය විය. “ මගෙ රන් රාජිනි..........“  නම්වූ ඒ ගීය අවසන් වන තුරුම අසා සිටි ජබීර් ඒ කාදර් මහතා, “ හොදයි... මම ඔය ළමයට ඊළග ෆිල්ම් එකේ සිංදුවක් දෙන්නංකෝ.....“  කියා ජෝතිට වූ පොරොන්දුව ඉටුකළේ , සිලොන් එන්ටර්ටේන්මන්ට් සමාගම වෙනුවෙන් තමා නිෂ්පාදනය කළ, සිරිල් පී අබේරත්න යන් අධ්‍යක්ෂණය කළ සුරතලී චිත්‍රපටයේ “ සිරියාමෙ සාරා... “ ගීතය ගයන්නට ජෝතිට අවස්ථාව ලබා දෙමිනි.


වයස අවුරුදු 20 දී මුල්ම ගීය ගයා, වසර 31 ක් ගී දකස දහසක් ගැයූ එච්.ආර්. ජෝතිපාලයන් 1987 ජූලි 7 වන දින මෙලොව හැර ගියේ සැම හදවතකම අමරණීය මතකයක් ඉතිරි කරමිනි.