
වැඩි කළ විදුලිබිල නිසා අර්බුධයකට මුහුණ පා සිටින ජනතාව ඉන් මුදවා ගැනීමේ පරම පවිත්‍ර අධිෂ්ඨානයෙන් හෙට මැයි දින රැළියේදී ජාතිය අමතමින් විදුලිබිල අඩුකිරීමේ නියෝගය පැණවීමට අතිගරු ජනාධිපතිතුමා සූදානම්ව සිටිතැයි වාර්තා වේ. පළමු ඒකක 150 දක්වා පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් දැනට යෝජිත විදුලි වැඩිවීමෙන් සියයට 20 ක් අඩු කිරීමට ක්‍රියා කරනු ඇතැයි ද, එය මැයි දින කතාවේ දී ප්‍රකාශ වනු ඇතැයි ද කියැවේ.
වැඩි කිරීමට යෝජිත මිළ දර්ශකය ජනතාවට මහත් බරක් ලෙස පෙන්වා දෙමින් එය අඩු කරවා දෙන්නට විවිධ පක්ෂ, සංවිධාන පසුගිය සති කිහිපය පුරාම පන්දම් පෙළපාලි හා විරෝධතා රට පුරා පවත්වනු දක්නට ලැබුනි.එය ජනාධිපතිතුමාගේ අවධානයට යොමු වී ඇතැයි ද කුමක් හෝ සහනයක් ජනතාවට ලබාදීම එතුමාගේ අරමුණ වී ඇතැයි ද තව දුරටත් වාර්තා විය. සියයට 20 ක් අඩු කරනවා යන්න සියයට 80 ක් වැඩි කිරීම බව ජනතාවට තේරුම් නොයනු ඇත.