දුෂණයට ලක් කොට, මීගමුව රෝහෙල් 6 වන මහලින් බිමට දමා ඝාතනයට ලක්කෙරුන චමිලාගේ නඩුවේ සැකකාර වෛද්‍ය සුදර්ශන බාලගේ මහතා මැයි 21 වනදා තෙක් යලිත් බන්ධනාගාරගත කරන ලදි.
මෙම නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (13) දිනයේ ද මීගමුව මහාධිකරණයේදි විභාගයට ගැනිණ.
ඊයේ පැවති සාක්ෂි විමසිමේදි හෙළිදරව් වු මුලික කරුණ වුයේ, චමිලා බිමට වැටි විනාඩි කිපයක් තුල මීගමුව රෝහලේ මුලික ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කෙරි ඇති බවයි.මෙහිදි ඇයට ප්‍රතිකාර කල වෛද්‍ය අසේල අධිකාරි මහතා පැවසුයේ, වරින් වර ඇයට සිහිය පැමිණෙමින් තිබුනත් ඇය සිටි අසාධ්‍ය තත්වය හමුවේ කඩිනම් ප්‍රතිකාර කිරිමට මුලික ප්‍රතිකාර ඒකකය කටුයතු කල බවයි.
එහිදි වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇගේ යෝනි මාර්ගයට බටයක් ඇතුළු කිරිමට කටයුතු කර තිබුන අවස්ථාවේ ඇගේ යෝනියෙන් ලේ ගලමින් තිබුන බව අධිකරණය හමුවේ ඊයේ අනාවරණය විය.
මීට කලින් පැවැති සාක්ෂි විමසිම් වලට සම්බන්ධ වෙමින් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රියංජිත් පෙරේරා මහතා මතු කර තිබුනේ චමිලාගේ කන්‍යා පටලය බිදි ඇත්තේ ඇය මිය යාමට සුළු වෙලාවකට පෙර බවයි. එමෙන්ම ඇගේ ගෙල මිරිකා ඇයව දූෂණය කර තිබුන බවද ඔහු එහිදි ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරමින් සනාථ කර තිබිණ
