රිවිර සහ ද නේෂන් පුවත්පත් පල කරන
සීමාසහිත රිවිර මීඩියා කෝපරේෂන් හි ප‍්‍රධාන විධායක නිළධාරියා වශයෙන් සේවය කල
ගයිරික පේරුසිංහ එම ධුරයෙන් ඉවත් කර ඔහුගේ බලතල රිවිර ප‍්‍රධාන කතෘ විසින් පවරගෙන
ඇතැයි වාර්තා වේ. පසුගිය සිකුරාදා කැදවා ඇති හදිසි අධ්‍යක්ෂ මණ්ඩල
රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති අතර එය නිළ වශයෙන් දන්වා නැති වූවද ගයිරික මේ
සතියේ පළමු දින දෙකේදි රාජකාරි සදහා වාර්තා කර නැති බව වාර්තා වේ.
මේ අතර ලක්බිම ඉරිදා සංග‍්‍රහයේ ප‍්‍රධාන කතෘ ලෙස දීර්ඝ කාලයක්
වගකිම් ඉසිලූ සුන්දර නිහතමානි ද මෙල් එම ධුරයෙන් ඉවත් කර ප‍්‍රධාන කතෘ ලෙස නිහාල් පිරිස් පත් කර ඇත.
කතෘ ධුරයෙන් ඉවත් කල සුන්දර නිහතමානි ද මෙල් ලක්බිම පුවත්පතේ කතෘ
මන්ඩල උපදේශක ලෙස පත්වීමක් ලබා ඇත.
ලක්බිම පුවත්පත ශී‍්‍ර ලංකා
නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාලගේ පවුලේ ව්‍යාපාරයක් වන අතර
රිවිර මාධ්‍ය ආයතනය රවි විජේරත්න නම් ව්‍යාපාරිකයා විසින් මුදල් යොදවා කි‍්‍රයාත්මක
වන ව්‍යාපාරයකි.
