19 හැවිරිදි තව තරුණියක් ෆේස්බුක් පෙම
නිසා එල්ලී මියයයි.
ෆේස්බුක් එකට දමා තිබුනේ වෙනත් ලස්සන
මුහුණක්. පෙම්වතා ගෙදර ආවිට ඇත්ත මූණ එළිවන නිසා එල්ලිලා මැරිලා.
ෆේස්බුක්
පේ‍්‍රම සබඳතාවක් මුල්කරගනිමින් ඇල්පිටිය - පිටිගල - පොකුණුවලකඩ - පැලවත්ත පාර ප‍්‍රදේශයේ
තරුණියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගැනීමේ සිද්ධියක් අද (19) වාර්තා වුණා. 19 හැවිරිදි දිනුෂිකා
තිලක්ෂි නැමති මෙම තරුණිය සිය නිවසේදී සාරියකින් ගෙළ වැළලා ගැනිමට පෙර ලියා තැබූ
ලිිපියක්ද පොලීසියට හමුවී තිබෙනවා. දිවි නසාගන්නා අවස්ථාවේදී තරුණියගේ නිවසේ ඇය
හැර වෙනත් කිසිවෙක් සිට නැහැ. ඇගේ මව රැකියාවට ගොස් සිටි අතර වැඩිමහල් සහෝදරිය සහ
බාල සහෝදරියද නිවසින් පිටව ගොස් සිටියා.
මීට
මාස 6 කට පෙර සිට මෙම තරුණිය ජාඇල ප‍්‍රදේශයේ
තරුණයෙකු සමග ෆේස්බුක් හරහා පේ‍්‍රම සබඳතාවක් ගොඩ නගාගෙන ඇති බවයි පොලීසිය අනාවරණය
කරගෙන ඇත්තේ. පසුව දුරකථනය ඔස්සේද මෙම සබඳතාව පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන්
කළා. කෙසේ වෙතත් ඇය ෆේස් බුක් සමාජ වෙබ් අඩවියට යොදා ඇත්තේ ඇගේ ඡායාරූපය නොව වෙනත් සුරූපී
කාන්තාවකගේ ඡායාරූපයක්.
කෙසේ වෙතත් අනාවරණය වී ඇති පරිදි ඊයේ දිනයේදී එම තරුණයා, ඔහුගේ පවුලේ කිහිපදෙනෙකුද සමග තරුණියගේ නිවසට පැමිණ ඇත්තේ එසේ නොපැමිණෙන ලෙස ඇය කළ දැනුම්දීමද නොසලකමින්. එහිදී තරුණයාට මුහුණ දීමට නොහැකිව කනස්සල්ලට පත් ඇය ඒ හේතුව මත දිවි නසාගන්නට ඇතැයි පොලීසිය පවසනවා.