දිවිනසාගත්
සිසුවියට බැණ වැදුනු විදුහල්පති අත්අඩංගුවට....
ෆේස්බුක් වෙබ්
අඩවියේ පළ වූ ඡායාරූපයක් මුල් කර ගත් සිදු වීමක් මත පසුගිය දා සිය දිවි නසා ගත්
සිසුවිය අධ්‍යාපනය ලැබූ කුරුණෑගල ජෝන්
කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයා
අත්අඩංගුවට ගෙන තිබේ. ළමා රක්ෂක අධිකාරියේ පොලිස් ඒකකය විසින් අදාළ
විදුහල්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබ ඇත. අදාළ සිදුවීම මුල් කර ගනිමින්
විදුහල්පතිවරයා තමන්ට දෝෂාරෝපණය කළ බව ත් ඒ හේතුවෙන් තමන් දිවි නසා ගන්නා බව ත්
අදාළ සිසුවිය ලිපියකින් ලියා තබා තිබිණ.